Tuesday, February 25, 2014

හොඳම සටන් පරාසය කුමක්ද?


හොඳම සටන් පරාසය කුමක්ද?


(මෙම රූපයෙන් දැක්වෙන්නේ මාගේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ සාමාජිකයන් දෙදෙනෙක් 'පොර බැඳීමේ පරාසයේ' එක්තරා සටන් උපක්‍රමයක් පුහුණු වන ආකාරයයි!)

කව්රුහරි මගෙන් ඇහුවොත් 'හොඳම සටන් පරාසය මොකක්ද?' කියල මම දෙන උත්තරේ තමයි 'පොර බැඳීමේ සටන් පරාසය'. ඒක හේතු රැසක් තියෙනවා.

1. මෙතෙක් ලොව හෙල්ලූ වැඩිම සටන්කරුවන් පිරිසක් බිහි වී ඇත්තේ එම සටන් පරාසයෙන් නිසා.
2. වෙනත් සටන් පරාසයන්ට සාපේක්ෂව කාර්යක්ෂමව හා ඉක්මනින් ඉගෙන ගැනීමට හැකිවන නිසා.
3. අනෙකුත් සටන් පරාසයන්වලට වඩා ඉගැන්වීම් හා ශිල්පීය ක්‍රම ඉතා සරල ඒවා වන නිසා.
4. සැබෑ සටන බොහෝ විට සිදුවන්නේ හෝ කෙළවර වන්නේ 'පොර බැඳීමේ සටන් පරාසයෙන්' නිසා.

මම ඔය කිව්ව කරුණුවලට හේතුව තමයි 'මිනිසා' යනු 'වානර කුලයේ' සතුන් කොට්ටාශයක් වීම. ස්වභාවයෙන්ම විවිධ සතුන්ට විවිධ සටන් ශෛලීන් උරුම වෙලා තියෙනවා. එවන් සතුන් පස් දෙනෙකුගේ සටන් ස්වභාව නිරික්ස්සලනේ 'ශාඕලින් කුන්ග්-ෆු' බිහි වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ වානර කුලයේ අපිට ස්වභාවධර්මයාගෙන් උරුම වෙලා තියෙන, එහෙමත් නැත්නම් ජන්මෙන් උරුම වෙච්ච සටන් ශෛලීය තමයි 'පොර බැඳීම'. ඇත්තට ගහගෙන තියෙන අය මේ ගැන හොඳට දන්නවා ඇතිනේ?? ඒ වගේම තමයි ඔයා කරාතේ, ටයිකුවාන්ඩෝ වගේ මොන සටන් ක්‍රම කරන අය උනොත් බොහෝ විට ඇත්ත සටනේදී බදා ගන්නවනේ??? ඒ නිසානේ ඔය ටූන්ර්මන්ට්ස්වලදී බදාගත්තම 'බ්රේක්....................' කියල රෙෆ්රි කෑගහන්නේ. හැබැයි අන්න ඒ අතින් මම හැමදාම බනින එම්.එම්.ඒ. මම අගය කරනවා. මොකද එයාල 'පොර බැඳීමේ සටන් පරාසයෙදී' සටන නොනවත්වන නිසා.

බ්රූස් ලී ගේ නියමයට අනුව සෑම සටන්කරුවෙක් ම අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතුම සටන් පරාසය තමයි 'පොර බැඳීමේ සටන් පරාසය' කියන්නේ. අන්න ඒක නිසා තමයි බ්රූස් අනෙක් සටන් පරාසයන් තුනේම අතිදක්ෂයෙක් වුනත් 'ගෙනී ලීබල්' ගෙන් 'ජු-ජිට්සු' ඉගෙනගන්නේ. ලෝකේ මුලින්ම භූමි සටන් ක්‍රම ජනප්‍රිය කලෙත් බ්රූස් ලී. පස්සේ තමයි ග්රේසි පවුල  බ්‍රසීලින් ජු-ජිට්සු වලින් ලෝකේ හෙල්ලුවේ.

බ්රූස් ලීගේ ග්‍රවුන්ඩ් ෆයිටිං බලන්නකෝ!!


***********************************************
Sifu Marthos (Admin of the යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. )

මෙම ලිපිය මාගේ බ්ලොග් අවකාශයටද ඇතුලත් කර ඇත >>>>http://thetruthbehindthemartialart.blogspot.com/

මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
***********************************************

0 comments:

Post a Comment