Thursday, February 27, 2014

ලොවට කුංෆු සටන් හදුන්වා දුන් දෙමළ ජාතික "බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ"


කුංෆු සටන්කලාව ගැන මං හිතන්නෙ හැමෝම දන්නවා අහල තියෙනවා ඇති  . සටන් කලාවන් ප්‍රගුණ කරන වගේම සටන් කලාවට ආදරය කරන මිනිසුන් විශාල ප්‍රමාණයක් ලෝකය තුල සිටිනවා .. එහෙත් බෝධිධර්ම කියන නම දන්නේ කියෙන් කි දෙනාද .
. ඉන්දියාවෙන් අහල බැලුවොත් සියයට දහයක්වත් ඒ නම දන්නේ නැහැ ..චීනයේ ජනගහනයෙන් සියයට අනුඅටක්ම බෝධිධර්ම අදුනනව.. ඔහුට ගරු කරනවා කොතෙක් ගරු බුහුමන් දක්වනවද කිවහොත් බුදු කෙනෙක්  විදියටම බෝධිධර්මයන්ව  අදහනවා   එහෙත් විස්වාස කරන්න බෝධි ධර්මයන් යනු චීන ජාතිකයෙක් නොව ඉන්දියන් ජාතික දමිලයෙකි.

මේ  තිබෙන්නේ චීනයේ ඉදිකර ඇති එතුමන්ගේ විශාල ප්‍රතිමා

චීන්නු ඇයි දමිලයෙක්ට මේ තරම් ගරු බුහුමන් දක්වන්නේ . අද චීනය ලෝකයේ දියුණුම රටක් ඒ තත්වයට පත්වීමට ධර්මබෝධි දායකත්වය බලපානවා යැයි ඔවුන් සිතනවා..

සෙන් දහම චීනයට ඉගැන්වුයේ ඔහුයි .. සෙන් දහම ව්‍යාප්ත කිරීමට චීනයට වැඩම කල ඔහුගෙන් චීන ජාතිකයන් ඉගෙන ගත්තේ සෙන් දහම පමණක්ම නොව.. ෆෙන්ෂුයි, වෙදකම , සටන්කලාව , ඒ අතරිනුත් චීන සටන් යනුවෙන් හදුන්වන කුංෆු සටන් කලාව ප්‍රමුක ස්ථානයක් ගන්නවා.

මේ සම්බන්ධව විස්තර තිබෙනවා දමිල චිත්‍ර පටයක්වන 7 Aum Arivu (2011) කියන චිත්‍ර පටයෙ.. මුල් කොටස් කිහිපයේ . එහෙත් මේ ලියන්නේ චිත්‍රපට කතාව නොව . ඔහු සම්බන්දයෙන් සෙවූ තොරතුරු වල සත්‍ය යැයි හැගුනු  තොරතුරු පමණි .

ඉන්දියාවේ මදුරාසියෙ ප්‍රාදේශීය  රජෙකුගේ  3 වෙනි පුතා  විදිහටය "බෝධිතර “ “ කුමාරයා මෙලොව එලිය දකිනවා  වයස අවුරුදු හතක  කාලෙදිම බෝධිතර   කුමාරයා බුදුදහම ගැන පැහැදෙනවා.

"
බෝධිධර්මවිදිහට ප්‍රක්ඥතර   කියන ගුරුවරයා යටතේ බුදුදහම හදාරන්න පෙලඹෙන්නෙ ඒනිසාමයි.ප්‍රක්ඥතර මේ බලවත් පිංවත් කුමාරය ගැන පෙරනිමිත්තක් දකිනවා තමයි කවදහරි මේ කුමාරය මුළු චීනයේ ම වැදුම් පිදුම් ලබන තැනකට එනව කියන එක

 
රජකුමාරයෙක් විදිහට මොහු සටන් කලාව වගේම වෙදකම ඉතාමත් දක්ශ විදිහට ප්‍රගුණ කරනවා
 තමන්ගෙ ගුරුවරයාගෙ මරණින් පස්සෙ බෝධිධර්ම චීනෙට යන්න පිටත්වෙනවා.ගුරු වරයාගේ අවසන් ඉල්ලීම ලෙස චීනයේ ධර්මය ප්‍රචාරය කිරීමට  
 
ක්‍රි..525 දී  පමණ  හිමිනමක් වූ උන්වහන්සේ සෙන් දහම ඉගැන්වීමට චීනයට වැඩම කරනවා   (පාගමනින් හෝ මුහුදු  ගමනකින් ගිය  බව යම් තැන් වල සදහන් වුවත් , ඒම අවදියේ දමිළ රජවරුන් අසුන් පිට ගමන් කල බැවින් අසුන්  යොදාගත් බව සිතිය හැක )ඉන්දියාවෙ ඉඳත් චීනෙට යන එක ඉතා අමාරු දුශ්කර වගේම අවදානම් ගමනක් උනා.

වසර කිහිපයක ගමනකින් පසු අවසානයේ උන්වහන්සේ අහම්බෙන්  හොනාන් පළාතේ ආරාමයකට වැඩම කරනවා. එවකට චීනයේ යම් තරමක සෙන් දහම තිබුනත් ඔවුන් නිවැරදි වත් පිළිවෙත් දැනගෙන සිටියේ නැහැ .. 

බෝධි ධර්මයන් ඔවුන් වෙත ආවත් ඔවුන් ඔහුව පිළිගන්නේ නැහැ.. ඔහුව පලවා හරිනවා. ඒම කාලයේ ඒ ප්‍රදේශයට වසංගත රෝගයක් ඇවිත් සිය ගණනක් මිනිසුන් මියැදෙන්න පටන් ගන්නවා.. මේ මොහොතේ බෝධිධර්මයන් නැවත පැමිණෙනවා . අති දක්‍ෂ වද්‍යා වරයෙක් වූ මොහු ඒ මොහොතේ ඔවුන්ට පිහිට වෙනවා .
මරණය දකිමින් සිටි දහස් ගණන් මිනිසුන් ඔහුගේ වෙද කමින් බේර ගන්නවා.. අදටත් චීනයේ පාරම්පරික වෙදකම ලෙස සලකන්නේ මොහුගෙන් උගත් සාස්තරයේ කොටස් බව සැලකෙනවා..

එතැන් පටන් මොහු කෙරෙහි පැහැදෙන චීන ජනයා , මොහුගෙන් සෙන් දහම , වෙද කම වගේම , කෙම් ක්‍රම , යෝග ක්‍රම යන නොයෙකුත් දේ  මොහුගෙන් ප්‍රගුණ කරනවා.. 

ඇති දක්‍ෂ සටන් කරුවකු වන බෝදිධර්මයන්ට භාවනා ක්‍රම මගින් ලබාගත්  විස්වාස කල නොහැකි විශාල බලයක් තිබු බව පැවසෙනවා  , තව කෙනෙක්ගේ මනස පාලනය කිරීමේ හැකියාව , අග්නි , වායු , සහ  සොබාදහම  ඔහුගේ බලයට නතු කිරීමේ හැකියාව වැනි විශේෂ හැකියාවන් ඔහුට තිබී තියෙනවා . 

වරින් වර ඔහු සිටි ප්‍රදේශයට එල්ලවූ බලවත් සතුරු ප්‍රහාර වලදී .. තනිවම සටන් කර චීන ගම්මානය බේරාගත් බෝධිධරයන්ගෙන් ඒම අපුරු සටන් කලාව ඔවුන්ටත් උගන්වන ලෙස චීනයේ ජනතාව ඉල්ලා සිටිනවා...
එතැන් සිට  ධර්මය උගන්වන ගමන්ම භාවනාවත් යෝගක්‍රම  සහ සටන් ආරාමය තුලම උගැන්වීම ඇරබෙනවා..


 කවුරුත් දන්නා ශාඔලින් ආරම වල මුල් ආරම්භය සිදුවන්නේ එලෙසයි .. අදටත් චීනයේ දක්‍ෂ සටන් කරුවන් බිහිවන්නේ ශාඔලින් ආරාම තුළිනුයි... කුංෆු සටන් කලාවේ මුලාරම්භය එයයි .ශාඔලින් ආරාම වල භික්ෂූන් අදටත් බෝධිදර්ම හිමියන්ට වන්දනාමාන කරනවා..
මොහු වසර එකසිය පනහක් පමන කාලයක් ජීවත්වූ බව පැවසෙනවා . අවසන් කාලයේ නැවතත් බෝධිදර්මයන්ට තම මවු රටට යාමට ආසාවක් ඇතිවෙනවා .. ඒ බව  ඔහු  ආරම මුලිකයන්ට පවසනවා . ඒත් ඔවුන් එයට කැමැති වෙන්නේ නැහැ.. 

මේ අසම සම පුද්ගලයා පැමිණි පසු තම රටේ සිදුවූ අසම සම වෙනස ගැන සිතු මොවුන් . ඒය බෝධිධර්මයන්ගේ විශේෂ බලයක් නිසා සිදුවූ බව විස්වාස කරනවා.. කවදා හෝ බෝධි  ධර්ම මිය ගිය පසු ඔහුගේ දේහය චීනයේම මිහිදන් කලොත් ඒ බලය දිගටම චීනයේ තියේවි යැයි ඔවුන් සිතනවා .. 

එබැවින් ඔවුන් බෝධිධර්ම භික්ෂුවගේ ආහාරයට   විෂ මිශ්‍ර  කර පිළිගන්වනවා.. එහෙත් බෝධිධර්මයන්ට තේරෙනවා ඒම ආහාරවලට විෂමිශ්‍ර කර ඇති බව.. ඔහු කිසිත් නොකියා ඒම ආහාරය පිලිගන්නවා.. අවසානයේ ඔහු මියගිය පසු ඔහුගේ දේහය චිනයේම මිහිදන් කරනවා..

අදටත් චීන වැසියන් බෝධිධර්ම භික්ෂුව දේවත්වයෙන් අදහනවා.. චීනයේ බොහෝ ආරාම වල ඔහුගේ විශාල ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා...
 

1 comment:

  1. බෝධිධර්ම භික්ෂූන්වහන්සේ දමිළ ජාතිකයෙක් කියල හරියටම කියන්න බෑ. මොකද බෝධිධර්ම කියන නම දමිළනමක් නෙමෙයි. ෂික් ජාතිකයෙක් වීමේ ඉඩ කඩ බොහෝ වැඩියි.විශේෂයෙන්ම කලාරි පයාට්ටු, වර්මාඩි වැනි දමිළජාතිකයන් පුහුණුකළ දකුණු ඉන්දීය සටන් කලා ප්‍රගුණකල සටන්ශිල්පීන් බොහොම විට ඉතා දැඩි හින්දු භක්තිකයන්. එම නිසා සටන් කලා ඥානය රැගෙන චීනයට ගිය බොධිධර්ම නම් භික්ෂුව දමිළජාතිකයෙකු කියන මතය පුහු තර්කයක් මත ගොඩනගන ලද හිතලුවක් පමණි

    ReplyDelete