චීනයේ ජව සම්පන්න සටන්
ඒ ඔහු ඉගන ගන්නා චිගොන්ග් (Qi gong) විශේෂයේ ස්වභාවය යි. යින්ග් ගොන්ග් (Yin gong) නමින් හැඳින්වෙන විශේෂයේ ස්වභාවයන් සැලකූ විට මාංශ පේෂි නොකැපෙන තත්වයට ගෙන ඒම සියළුම ආකාරයේ ප්‍රහාර දරාගත හැකි වීම - විශාල බර සිරුරින් දරා සිටීමේ හැකියාව සහිත විශේෂ ක්‍රීඩාවක් බව දක්නට ලැබේ. විශේෂයෙන් චීනයේ දකුණු ප්‍රදේශය පුරා පැතිර ඇති නන්චුවාන් (Nan Quan) සටන් ශෛලියට මෙම යින්ග් ගොන්ග් දක්ෂතා උපයෝගී කර ගනියි.

තවත් තැනක චිගොන්ග් දක්ෂතා දැක්වීමකි.

ඉතිහාසගත බෝධිධර්ම (Bodhidharma, Damo) හාමුදුරුවන් මල් කළඹක නැඟී කහ නදිය තරණය කළ බැව් පුරාවෘත්ත වල කියවෙයි. අතීතයේ ෂඔලින් හාමුදුරුවරුන්ට ගස් වල කොළ වලින් තවත් කොළයකට එල්ලෙමින් ගමන් කිරීමේ හැකියාව තිබුණු බැවි ද, එසේම විශාල උස් තාප්ප මතට, වහලවල් මතට පැනීමේ හැකියාව තිබුණු බැව් ද කියවේ. මෑත කාලීනව ෂඔලින් ආරාමයේ ප්‍රධානියාව සිටි හායි ඩෙන්ග් (Hai Deng) හාමුදුරුවන්ට තනි ඇඟිල්ලෙන් සිට ගෙන සිටීමේ හැකියාව තිබූ බැව් ද කියවේ.
"බ්‍රිතාන්‍යයේ සිට චීනයට තම පාදයේ පණ නැතිව ගිය ස්වභාවය සුවකර ගැනීමට පැමිණි කාන්තාවකි. තම ඇඟිලි තුඩු වලින් ඇගේ කොඳු ප්‍රදේශය ද, පාද වල නිලස්ථාන (Acupoints) කිහිපයක් ද තෙරපූ වෛද්‍යවරයා ඇයට නැඟී සිටීමට විධාන දෙයි. ඇය නැගිට ඇවිද යයි." මේ පාරම්පරික චීන වෛද්‍ය කලාවේ (Traditional Chinese Medicine) චිගොන්ග් ඉටු කරන කාර්යයයි.

1. බාහිර ව්‍යායාම (වායි ගොන්ග් -Wai Gong)
i. අස්ථි
ii. රුධිරය
iii.මාංශ පේශි සංවර්ධනය
සිදු කරනු ලබයි.
2. අභ්‍යන්තර ව්‍යායාම (නිගොන්ග්-Wei Gong )
i. අභ්‍යන්තර ශක්තිය (චී-Qi)
ii. චිත්ත ශක්තිය (යී-Yi)
iii.ආත්මීය ස්වරූපය (සෙන්-Zhen)
පුහුණුවීම සිදුකරනු ලබයි.
චිගොන්ග් වල දී මෙම අභ්‍යන්තරික සංවර්ධනය සිදු කිරීම ඉටු වෙයි.
මෙම චිගොන්ග් අභ්‍යාස පුහුණු වීම නිසා....
1.දීර්ඝ ජීවිත කාලය.
2.අකාලයේ ජරාවට නොයෑම
3.රෝග නොවැළඳීම
4.සටන් කලාවට යොදා ගත හැකි අදෘෂ්‍යමාන ශක්ති විශේෂ අවධි වීම
5.නිර්මාණශීලී ස්වභාවය
6.කල් ගිය රෝග වලින් සුවය ලැබීම
7.සමතුලිත සිරුරක් සැකසීම
ආදී ප්‍රතිලාභ පුද්ගලයෙකු සතු වෙයි.
අද දින සමාජය අතිශය කාර්යක්ෂම ය, සංකීර්ණ ය. ප්‍රථිඵල සමාජගත නොවුන ද මෙම අධික ක්‍රියාකාරීත්වය නිසා මිනිස් සිරුරු මූලිකව අර්බුදයට ලක් වෙයි. අසමතුලිත ශරීර මෙම සංකීර්ණ සමාජ ආතතියට මුහුණ දීමට නොහැකිව නිශ්ක්‍රීය වෙයි. මේ නිසා මිනිසුන් පරාරෝපිතව විවිධ අදෘෂ්‍යමාන බලවේගයන් (දෙවිවරුන්, යක්ෂයින් ඇදහීම) කරාද, එසේ නැත්නම් අඩු ජීවිත කාලයක් ද (අපේ රට තුල සාමාන්‍ය මිනිසෙකුගේ මේ වන විට ජීවන කාලය 45-55 කි.) ලඟා කර ගනියි.
සටන් කලාව තුළ ද, ජීවිතය තුළ ද, සමාජය තුළ ද අභියෝග ජය ගැනීමට උත්සාහ දරන නව පරම්පරාවක උරුමය චිගොන්ග් විය යුතු ය.
අරුණ ශාන්ත
ශ්‍රී ලංකා බ්ලැක් ඩ්‍රැගන් චීන සටන් කලා (වූෂු) සංගමය මගින් ප්‍රකාශනයට පත් කල බ්ලැක් ඩ්‍රැගන් සඟරාවේ
1996 ජනවාරි -පෙබරවාරි කලාපයේ පළ වූ ලිපියකි.
මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.
0 comments:
Post a Comment