Tuesday, February 25, 2014

ත්‍රිකාණ්ඩ යටිය


ත්‍රිකාණ්ඩ යටිය (Three-section staff)

බොහෝ දෙනා මෙම ආයුධය ඔකිනාවා දේශයේ නන්චාකුව සමඟ පටලවා ගනී. නන්චාකුව ශාඕලින් ආයුධයක්‌ නොවන අතර මේ ත්‍රිකාණ්ඩ යටිය (Three-section staff) ශාඕලින් ආරාමයේ ආයුධයකි.

චීන කස ආයුධ ගණයට වැටෙන මෙය බොහෝ දුරට නන්චාකුවට සමාන මුත් මෙහි යෂ්ටි කොටස් තුනක් අඩංගුය. කෙටියෙන් කිවහොත් මෙහි ඇති එක් යෂ්ටියක් ඉවත් කලවිට මෙය නන්චාකුවක් ලෙස භාවිතා කලහැකිය. (නන්චාකුව ගැන දැනගනීමට අපගේ පැරණි ලිපි පිරික්සන්න!) ලොව විවිධ මාදිලියේ ත්‍රිකාණ්ඩ යටි වර්ග දක්නට ලැබෙන අතර බහුලව දක්නට ලැබෙන මාදිලියේ ත්‍රිකාණ්ඩ යටියක යටි තුනේම දිග එක හා සමානය. මැද ඇති යටියට දෙපසින් දම්වැල් මඟින් සම්බන්ධ වූ තවත් යටි දෙකකින් මෙය නිර්මාණය වී ඇත. යටි ලෝහ හෝ ලී වන අතර දම්වැල් සම්බන්ධ වන ඒවායේ අග කොටස් කරකැවෙන ලෝහ මුදුවලින් සමන්විතය. (නන්චාකුවේ මෙන්)

චීන භාෂාවෙන් 'මකර දඟරන යෂ්ටිය' (Coiling Dragon Staff) ලෙස හඳුන්වන මෙම ආයුධය සැබවින්ම අතීතයේ යුධ කටයුතු සඳහා භාවිතා කල දිගු දුර පරාස අවියකි. (Long Range Weapon) අංගම්පොරවලදී පිරිසක් සමඟ කෙරෙන සටනකදී වේලායුධය භාවිතා කරනවාක්‍ මෙන් ශාඕලින් කුන්ග්-ෆු හි ත්‍රිකාණ්ඩ යටිය බොහෝ විට යොදාගන්නේ විශාල පිරිසක් සමඟ කෙරෙන සටනකදීය.

ත්‍රිකාණ්ඩ යටිය ඉතාමත් මාරාන්තික අවියකි. එලෙසම මෙය හසුරුවන්නාට නිසියාකාර පුහුණුවක් නොවේනම් තමාටම බරපතල හානි අත්කර දෙන්නේය. වේලයුධයේ මෙන්ම මෙම ආයුධයේද හැසිරීම ඉතාමත් දක්ෂ සටන්කරුවෙකුට වුවද නිශ්චය කර ගැනීම ඉතා අසීරුය. පහර දීම, පහර වැළැක්වීම හා සතුරාගේ අත ඇති ආයුධය ග්‍රහණය කරගැනීම මෙම ත්‍රිකාණ්ඩ යටිය භාවිතා කොට කල හැකිය. ඉතාමත් දක්ෂ ශාඕලින් හිමි නමකට වෙඩි උණ්ඩයක් පවා නොවැදෙන ලෙස ත්‍රිකාණ්ඩ යටිය සියොළඟ වටා කරකැවිය හැකි බව පැවසේ.

මෙම ඇසිදිසිය (වීඩියෝව) නරඹන්න!



Visit our older posts >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

****************************************************
'ත්‍රිකාණ්ඩ යටිය' (Three-section staff) පිළිබඳව අන්තර්ජාලයේ මෙන්ම වෙනත් සියලුම මාධ්‍යයවලද සිංහලෙන් ලොව පලවන ප්‍රථම ලිපිය මෙයයි! මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

0 comments:

Post a Comment